Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල මණ්ඩල සේවකයින් යළි බෝනස් ඉල්ලයි

2 years ago

රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ ලංකා විදුලි බල මණ්ඩල ශාඛාව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමු කරමිනුයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතා බහක් හටගෙන තිබුණා.

ඒ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථනයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් ඊට අදාළව සිදු කළ ඉල්ලීමත් සමඟයි.

කෙසේ වෙතත්, ඔහු එසේ ප්‍රකාශ කිරීමෙන් පසු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදාළ ප්‍රසාද දීමනාව ලබා නොදෙන බව සදහන් කළා.