Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව යයි

2 years ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.

ඒ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.

කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අතර, ඒ සඳහා ඔහු අද උදෑසන 10ට පමණ පැමිණියේය.

එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා පැය 04 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.