Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුනඛයෙක් බේරීමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරකට ලක් වෙයි! කුඩා දරුවෙකුට දිවි අහිමි වෙයි!

2 years ago

රාජාංගනය පොලිස් වසමේ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී ඊයේ (05) රාත්‍රී කාලයේදී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී, ත්‍රීරෝද රථය පෙරළී මාර්ගයේ ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කළ දරුවා අනතුරෙන් තුවාල ලබා නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇත. 

රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12ක් වූ වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එමෙනම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.