සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.
සබරගමු මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයාගේ ධුර කාලය අවසන් වූ පසු, ස්ථිර බස්නායක නිළමේවරයෙකු පත්කරන තෙක් එම තනතුරේ වැඩ බැලීම සඳහා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස එස්.වී. චන්ද්‍රසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරනු ලැබුවා.
එයට විරෝධය පළ කරමින් දේවාලයේ කපුමහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.
e
e
