Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

2 years ago

2021 වසරේ ජූලි 08 වන දින පාර්ලිමේන්තුව අසල පැවති  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට  එරෙහිව පැවති විරෝධතාවයකට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහභාගී වූ බව කියන සිද්ධියට අදාල නඩුවේ සැකකරුවන් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (6) නියෝග කළා.

එ

පැමිණිල්ල මෙහෙයවන වැලිකඩ පොලිසිය සිද්ධියට අදාළ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එදින පැවති උද්ඝෝෂණය අතරතුරදී නිරෝධායන නීති රීති කඩ කළ බවට චෝදනා කරමින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණත් පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් බස් රථයකට නංවාගෙන නිරෝධායනයට යැයි පවසා මුලතිව් හී ගුවන් හමුදා කදවුරකට යොමු කළා.

එහිදී, එම පිරිස පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

සිද්ධියේ සැකකාර ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රජික කොඩිතුවක්කු මහතායි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝස්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් නිරෝධානයට යොමු කර රඳවා තබා ගැනීම සම්බන්දයෙන් වර්තමාන පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් කළ යුතු බවයි.