Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගල්කිස්සේ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් මරුට!

2 years ago

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නිවසක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඉලක්ක කර අද අළුයම 4.35ට පමණ නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙක් විසින් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 20ක් වයසැති අයෙකු බවද සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.