Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් වාර විභාගයක ගැටලුවක්! ප්‍රශ්න පත්‍රය සමඟ සිසුන්ට පිළිතුරු පත්‍රයත් බෙදලා!

2 years ago

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබා දුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී ඇති බව මව්පියෝ පවසති.

හත ශ්‍රේණිය චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද එහි පිටුපස මුද්‍රණය කොට ඇති අතර ඒ පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය ආරම්භ කිරීමෙන් පසු ප්‍රශ්න පත්‍රය ළමුන්ට ලබාදීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය පිළිබඳ නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරයි.

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයක් පාසල් ප්‍රශ්න පත්‍රයේ තිබූ පිළිතුරු කොටස සමඟ ලබා දී ඇති අතර පාසල් කිහිපයක් එම කොටස ඉවත්කර ළමුන් වෙත ප්‍රශ්න පත්‍රය ලබාදී ඇති බවත් පවසති.

මේ හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ පසු බලධාරීන් කිසිවෙකු ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමකින් තොරව පාසල් වෙත ලබාදී ඇතැයිද කීය.

පාසල් ළමුන් මුදල්ගෙවා ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සිදු කරන බවත් වගකීමක් නොමැති නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් වන බවත් පැවසීය.

(source – lankadeepa)