අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා .
ඒ අනුව නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන අයයි ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ .
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
