Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ පැමිණීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! විපක්ෂයේ විරෝධය මැද ජනපති පිටව යයි!(වීඩියෝ)

4 years ago

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 යි 40 ට පමණ විනාඩි 10 කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නියෝග කළා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා IMF ණය ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් පවතින අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු එල්ල වූ විරෝධය හමුවේයි.

එම අවස්ථාව වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන්ගෙන සිටියා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙක් එක්ව ජනාධිපතිවරයා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිචාර දැක්වීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්භය තවදුරටත් උණුසුම් වුණා.

කෙසේ නමුත් අදාළ විරෝධතාවය ආරම්භ වීමත් සමඟ හූ හඬ මධ්‍යයේ ජනපති පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝව