කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද (09) කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබුවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම චෝදනා කියවාදීම සිදු කෙරුණා.
ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදි කාරිය බව විත්තිකාර ඩයනාගමගේ සඳහන් කර තිබෙනවා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ බව සඳහන් කළා.
එහෙත් ඊට අදාලව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව වසර විස්සකට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාල ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තකර් කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවයි.
ඒ අනුව නඩුව මාතර් මස 05 වන දා විභාගයට ගැනීමට ද විනිසුරුවරයා නියෝග කළා.
