Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් පළාතක වාර විභාග ප්‍රශ්න පත්‍රයක අවුලක්

2 years ago

වයඹ පළාතේ තුන්වන වාර විභාගයට අදාළව 10 වන ශ්‍රේණියේ සිසුන්ට අද ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ගැටලු පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලරින් අනාවරණය කළා.

කොළඹදී අද(9) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට අදාළව සිතුවම් සහ ප්‍රශ්න නිසි ලෙස සටහන් වී නොතිබීම ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක සදහන් කළේ, ප්‍රශ්න පත්‍රවල අවසන් සෝදුපත් පරික්ෂාවේදීත් ප්‍රශ්න වලට අදාළ සිතුවම් තිබූ බවත් මේ සම්බන්ධයෙන් නිළධාරින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය නැවත සිසුන්ට ලබා දීමට කටයුතු කරන බවද ඇය කියා සිටියා.