Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැති ධූරය අනුර කුමාරට ලබා දීමට සූදානම් බවට රනිල්ගෙන් ප්‍රකාශයක්! අනුරට නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇති හැකියාවක් පිළිබඳවත් පවසයි!

4 years ago

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සදහා අනුර දිසානායක මහතාට අවශ්‍ය නම් තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කිසියම් අයකුට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එම පුද්ගලයාට නොබෙල් සම්මානය ලබා දිය හැකි බව ද හෙතෙම පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.