Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140ක් අස්ථානගතවෙලා

2 years ago

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සඳහන් කර ඇත.


අස්ථානගතව ඇති වාහන 140 ක් පිළිබඳව තොරතුරු මේ වන විට නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා දැනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.

මෙම වාහන නිවැරදිව හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කලයුතු බව විගණන කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.

(source – lankadeepa)