දෙදරු පියෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ බව කියන පිය – පුතු දෙපළකට හලාවත මහාධිකරණ විනිසුරුවරිය විසින් අද(10) මරණීය දණ්ඩනය නියම කළා.
මාදම්පේ පොලිස් වසමේ වීරකොඩියාව, රත්නගිරිය වත්ත ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට මෙලෙස මරණීය දණ්ඩනය නියම විය.
2015 ජුනි මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක දී මාදම්පේ පොලිස් වසමේ වීරකොඩියාව, රත්නගිරිය වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකුව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ චෝදනා ගොනුකර තිබුණා.
කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බවට සැකපිට තම අසල්වැසියෙකු වූ දෙදරු පියෙකුව මහ මගදී කපා කොටා ඝාතනය කළ බවට විත්තිකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණා.
ඔවුන් දෙදෙනා විසින් මෙම ඝාතනය සිදු කළ බවට මාදම්පේ පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
වසර 09කට ආසන්න කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම නඩුවේ තීන්දුව අද (10) දිනයේ හලාවත මහාධිකරණය විසින් ප්රකාශයට පත් කරනු ලැබුවා.