බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ඊයේ (10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, බොරැල්ල සර්පනටයින් පාර පදිංචිකාරියකි.
මියගිය දැරිය කලක සිට මානසික ආතතියකින් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේ නමුත් දැරිය එම මහලේ බැල්කනියෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න පිලිබඳව අනාවරණය කර ගැනීම සඳහා බොරැල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
