Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෛයිපොංගල් වෙනුවෙන් විශේෂ දුම්රිය හතරක්

2 years ago

ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බවයි දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ.

එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇති.

අනෙක් දුම්රිය පස්වරු 5: 40ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව විශේෂ නගරාන්තර දුම්රියක් අලුයම 5:30ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය දක්වා ගමන් කරන අතර, පස්වරු 1: 50ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.

නවතම පුවත් (Latest News)