සිරස සුපර් ස්ටාර් ගායක අජිත් බණ්ඩාරට මැර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
කුරුණෑගල තෝරයායේ පිහිටි ඔහුගේ නිවසේ දොර කඩාගෙන නිවසට ඇතුළු වූ වයස අවුරුදු 24ක පමණ තරුණයෙක් කඩුවකට සමාන උපකරණයකින් ඔහුගේ අතට ප්රහාරයක් එල්ල කොට ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබනවා.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඔහුගේ දියණිය සහ බිරිඳ නිවසේ සිට නොමැති අතර සැකකරු නිවසේ ජනෙල් වීදුරු වලටද පහරදී අලාභ සිදු කර තිබෙනවා.
මොහුට පහර දුන් පුද්ගලයා කුරුණෑගල ප්රසිද්ධ විදේශ ඒජන්සිකරුවකුගේ පුත්රයකු වන අතර මොහු දැඩි ලෙස මත්කුඩු භාවිතයට අබ්බැහි වූ පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
