Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිය අනතුරකින් පොලිස් නිළධාරියෙක් මරුට

2 years ago

කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.

හුංගම පොලිසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා රෝහල්ගත කිරිමෙන් පසු මියගොස් ඇති බවයි.

හුංගම සිට රන්න දෙසට ධාවනය කරමින් කරමින් තිබූ කැබ් රථය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියේ ගැටීමෙන් ඊයේ (11) රාත්‍රී මෙම අන්තූර සිදුව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ නෝනගම, අම්බලන්තොට ලිපිනයේ පදිංචි අම්බලන්තොට පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙක්.

අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අධික ලෙස බිමත්ව සිට ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබෙනවා.

හුංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.