Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබලගැන්වීමට විශේෂ වැඩසටහනක්

2 years ago

අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයේ මග පෙන්වීම් මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා.

එහි පළමු අදියර 2025 – 2027 වර්ෂ තුළ ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා අඩු ආදායම්ලාභීන් තෝරා ගැනීම හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරින් හා සහය ආයතනවල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම දීප ව්‍යාප්තව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අංශ කිහිපයක් යටතේ අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර නිශ්චිත කාලයක් තුළ තෝරාගත් ග්‍රාම නිලධාරි වසමකින් පවුල් 50 ක් බැගින් මූලික අදියර යටතේ සවිබල ගැන්වීමටයි සැලසුම් කර ඇත්තේ.