Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටිලා

2 years ago

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හතර දෙනෙක් ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් වැවට වැටී ඇති බව අම්පාර පොලිසිය පවසනවා.

අම්පාර කොනඩුවටුවාන වැවෙන් එගොඩ කොටසේ නීති විරෝධී මත්පැන් පෙරුම්පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීන් සිව්දෙනක් මෙම වැටලීමට සහභාගි වී තිබුණා.

එහිදී කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීම සදහා ධීවරයකුගේ ඔරුවකින් ගමන් සිටියදී ඔරුව පෙරැළී තිබුණා.

කෙසේ වෙතත් අම්පාර නාවික හමුදා කදුවරේ නිලධාරීන් කණ්ඩායමක් අද (13) දින වනවිටත් ගිනි අවිය සහ උණ්ඩ සොයා විමර්ශන සිදුකරනු ලබනවා.

අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.