Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිට චීනයෙන් උණුසුම් පිළිගැනීමක්

2 years ago

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ළඟා වී තිබේ.

එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ ජනාධිපතිවරයා චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී, චීන ජනපති ෂී ජින් පිංගේ (Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුන්ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.