Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීගිරිය පර්වතය මුදුනේ අවසන් හුස්ම හෙලූ විදෙස් කත

2 years ago

සීගිරිය නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයෙකු එය නරඹා යළි පැමිණීමේ දී හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම අද (14) පෙරවරුවේ සිදුව ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විඩිස්කා කතරිනා (Vidimska katerina) නම් වූ 54 හැවිරිදි මෙම සංචාරක කාන්තාව චෙකියා(CZECH) රාජ්‍යයේ උපන්නියක්.

සීගිරිය ජල උද්‍යානය අසල දී ඇයට හදිසි හෘදයාබාධයක් වැළඳී ඇති අතර අසාධ්‍යය වූ ඇයව කිබිස්ස රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බවයි පැවසෙන්නේ.

මේ වනවිට ඇයගේ මෘත දේහය සීගිරිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.