දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේ නිවසකට එල්ල වී ඇති මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසා සිටියා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කර බවයි පොලිසිය සඳහන් කළේ.
නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දොඩංගොඩ පොලීසිය සිදුකරන අතර කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ විශේෂ කායර් බළකා සෙබළුන් එම ස්ථානයට කැඳවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
