Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති බංගලාවලින් මුදල් සොයා ගැනීමට රජය ක්‍රමයක් සොයා ගනී! පෞද්ගලික අංශයෙන් දැඩි ඉල්ලුමක්!

2 years ago

ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.

රාජ්‍ය ආයතන රැසක් ද විනිසුරුවරුන් කිහිප දෙනෙකුද මෙම නිවාස ඉල්ලා මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත්පත වෙත අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර තිබුණේ ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව ඒවායේ වටිනාකම් පිළිබඳව මේ දිනවල තක් සේරුවක් කරගෙන යන බවයි.

එම තක්සේරුවෙන් අනතුරුව එම බංගලා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය. ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පැවසු අමාත්‍යවරයා එම ඉල්ලීම් කිසිවක් මෙතෙක් සලකා බලා නැතැයි ද සඳහන් කළේය.

රට පුරා ජනපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු බංගලා 9 ක් පවතින අතර එම බංගලා කොළඹ, මහනුවර, නුවරඑළිය, අනුරාධපුර, කතරගම, යාපනය, ඇඹිලිපිටිය, බෙන්තොට සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටා ඇත.

මේ අතර ඇතැම් ඇමති බංගලා පාවිච්චියට ගත නොහැකි අන්දමට ජරාවාස වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.