Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට

අධිකරණ සේවකයෙක් අයිස් සමග අත්අඩංගුවට

2 years ago

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සමග අලුත්කඩේ අංක 03 දරණ අධිකරණයේ රාජකාරියේ නිරත “ආරච්චි” නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවත්ත, පනාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකි.

සැකකරු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය කහවත්ත ප්‍රදේශයේදී අලෙවිකරන බවට අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, ඔහු තාවකාලිකව නැවතී සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නිවසකදීය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.