Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

2 years ago

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදාහැරීම සඳහා රියදුරකුගෙන් රුපියල් 3000ක් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් රථ වාහන අංශයේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

සැකකාර පොලිස් සැරයන්වරයා පසුගිය 14 වැනිදා මතුගම ඔරලෝසු කණුව අසල රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී ලොරි රථයක් පරීක්ෂා කර එහි රියදුරාගේ රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම නිසා එම වරදින් මුදවා හැරීමට රුපියල් 5000/= ඉල්ලා තිබූ බවයි පොලීසිය පවසන්නේ.

එම මුදලින් රුපියල් 3000 ක මුදලක් මතුගම ඔරලෝසු කණුව අසලදි ලබා ගැනීමේදී මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.