Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල වන සිදුවීමකට ආණ්ඩුවෙන් ප්‍රතිචාර

2 years ago

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් උපහාර පිදීමක් සිදුකලේ දැනුවත් භාවයකින් තොරව බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

සිරස රූපවාහිනියේදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔහුට ලැබුන ආරාධනයකට එම උත්සවයට සහභාගී වූ බවත් ඉතා කෙටි කාලයකදී එමිල් රංජන් ළමාහේවාගේ නම සඳහන් කර ඔහුට උපහාර පිදීමට සිදුව ඇති බවත්ය.

එමෙන්ම නීතිය ඉදිරියේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා නිර්දෝෂී පුද්ගලයකු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

එමිල් රන්ජන් ලමාහේවා මහතා වැලිකඩ බන්ධනාගාර නඩුවේ දෙවන විත්තිකරුව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මරණීය දණ්ඩනය නියමව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද අයෙකි.

කෙසේ වෙතත් ඉදිරියේදී අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඒ සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරනු ඇති බවටත් නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.