Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ 2ක් එකිනෙක ගැටෙයි! 11කට තුවාල!

2 years ago

තංගල්ල වීරකැටිය මාර්ගයේ ගොඩවානගොඩ 3,කණුව ප්‍රදේශයේදී අද (16) බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් තංගල්ල මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.

වලස්මුල්ල සිට තංගල්ල දෙසට ධාවනය වූ බස් රථයක්, තවත් බස් රථයකට ඉදිරියෙන් ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති බවයි තංගල්ල පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 8 දෙනෙකු මිය යන අතර 25ස් දෙනෙකු පමණ බරපතල තුවාල ලබනවා.

ඉන් අවම වශයෙන් දිනකට පුද්ගලයින් 10 ක් පමණ සදාකාලික ආබාධිත බවට පත් වෙනවා.

මාර්ග අනතුරු පිළිබඳ මෙම ගැටළුව මේ වන විට බරපතල සමාජ ගැටළුවක් බවටද පත්ව තිබෙනවා.