දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇත.
කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබේ.
මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිතය.
මේ හේතුවෙන් අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 පමණ අවලංගු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
මේ අතර හෙට සහ අනිද්දා දිනවල දුම්රිය ගමන්වාර වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාතමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම කළින් ආසන වෙන් කළ දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමගින් බාධාවක් මතු නොවන බවටයි දුම්රිය දෙපාතමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
