Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිළිඳු පවුල් සවිබලගැන්වීමට විශේෂ වැඩසටහනක්

2 years ago

පෝසත් රටක්  ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබද අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම අද (17) දින ආරම්භ කර තිබෙනවා .

දිළිඳු පවුල් ලක්ෂ 20 ක් ඉදිරි වසර 05 තුළදී සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාවයි.

ප්‍රතිලාභ හිමිවිය යුතු දිළිඳු පවුල් තෝරාගැනීම පූර්ණ විනිවිදභාවයකින් සිදුවිය යුතු බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා .

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන දිළිඳු පවුල් මෙන්ම අනෙකුත් දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ පෝසත් රටක්  ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි.