Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

supreme court sri lanka

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

2 years ago

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 05 වැනිදා  විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) දින නියම කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවු අවස්ථාවේදී එලෙස දින නියම කළා.

ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ගොනුකොට ඇති මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියෙන් සමුද්‍ර පාරිසරික පද්ධතියට විශාල හානියක් සිදුවී ඇතැයිද ධිවර ප්‍රජාවගේ ජීවනෝපාය ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ ඊට සුදුසු වන්දියක් ප්‍රධානය කරන්නැයි ඉල්ලා සිටිනවා.

පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් 09 වැනිදා තෙක් කල් තැබුණා.