Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වතු නිවාස පෙළක ගින්නක්! නිවාස 08ක් සම්පූර්ණයෙන්ම විනාශයි!

2 years ago

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 08ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස  පේළියේ පැතිර යමින්  තිබු ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්,පොලිස් නිලධාරින්‍ සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ  භට පිරිස් පියවර ගෙන තිබුණා.  

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර,ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි  කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය  සමිපූර්ණයෙන්ම විනාශ  වී ඇති අතර ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මේ අතර, මෙම ගින්න විදුලි කාන්දුවකින් සිදුවන්නට ඇති බවටයි වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය සැක පළ කරන්නේ.

ගින්නේ අවතැන් වු පවුල් අටකට අයත් සමාජිකයන් 21 දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවද සඳහන්.