මාතර ගන්දර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.
අනතුරින් විදෙස් ජාතිකයෙක් සහ කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුර සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අනතුරින් පසු අවහිර වූ මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බවද ඔහු පැවසීය.
වැසි සහිත කාලගුණයක් පැවැති අවස්ථාවේදී මෙම බස් රථ දෙක අධික වේගයෙන් ගමන් කර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
