Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගල්කිස්සේ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් මරුට! වෙඩික්කරු අත්අඩංගුවට!

2 years ago

ගල්කිස්ස සිරිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩේවිට දෙවන අදියරේ පදිංචිව සිටි අයෙකි.

ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වූ කොස් මල්ලි නැමැත්තාගේ ගෝලයෙක් බවද පැවසේ.

වෙඩි තැබීමට පැමිණි සැකකරු අවුරුදු 47ක් වන අයෙකු වන අතර ඔහු බඩෝවිට අසංකගේ පාර්ෂවයේ අයෙකු බවද මේ වන විට අනාවරණය වී තිබේ.

අනෙක් සැකකරු යතුරු පැදියෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

කොස් මල්ලී සහ බඩෝවිට අසංක අතර දීර්ඝ කාලීනව පවතින ආරවුලක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

මෙම දෙපාර්ශ්වය අතර පවතින මෙම ආරවුල හේතුවෙන් මේ වන විට සිදුවූ මරණ සංඛාය 07ක් දක්වා ඉහළ ගොස් තිබේ.