Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිමෙන්ති කොට්ට දහයකට අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්

2 years ago

පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ සිද්ධියට සම්බන්ධ විමශර්න තවදුරටත් සිදුකරන බවයි.

ඒ පිළිබඳවසලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර තිබූ අතර ම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමශර්න සිදුකළ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.