Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසයේ පළමුවරට වී සඳහා අවම මිලක් ලබාදීමට රජය සැරසෙයි

2 years ago

ඉතිහාසයේ පළමු වතාවට වී සඳහා අවම මිලක් ලබාදීමට සූදානම් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව අද(20) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළා.

මේ වන විටත් අවම මිල සැකසීමේ කටයුතු ආයතන 5ක් වෙත භාර දී ඇති බවත්, ඉන් අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජයට ලබාදෙන වී සඳහා වී කිලෝවකට අමතර රුපියල් දෙකක මුදලක් ගොවියාට ලබාදෙන බවයි.

රජයේ වී ගබඩාවලට වී මිලදී ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඇති බවත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.