රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් අද (20) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ , ගුවන් මගීන් දෙදෙනෙකු , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් 28 සහ 30 වයස්වල පසුවන අතර හම්බන්තොට ,කටුවන සහ අම්පාර ,මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් සන්තකයේ තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය 06kgයි 630g ක පමණ ප්‍රමාණයක් ගුවන් තොටුපල නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා අද(20) දින දහවල් 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණා.
මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමට නියමිතයි.
