බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
අද (20) සවස එම සිදුවීම වාර්තා වී තිබුණේ එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදීය.
කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බවට වාර්තා වනවා.
ගිනි ගත් දුම්රිය එන්ජිම වෙනුවට වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන අදාළ දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
