Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ රෑ පොලිසිය සමඟ සෙල්ලම් දමීමට ගිය මන්ත්‍රී අර්චුනාට වැඩ වරදී

2 years ago

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය පොලිස් නිළධාරීන් විසින් නවත්වා තිබුනේ, ඔහු සිය මෝටර් රථය, වී.අයි.පී විදුලි පහන් දල්වා ධාවනය කරමින් තිබීම හේතුවෙනි.

අදලා මන්ත්‍රීවරයා, එම මොහොතේ රාජකාරියේ නිතරව සිටින පොලිස් නිළධාරීන් සමග සහයෝගයෙන් කටයුතු නො කරන බව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකින් පැහැදිලිව දක්නට හැකියි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ, අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එපමණක් නොව එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.