අන්තර්ජාතික වෙළඳ සමුළු සහ මහාපරිමාණ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ වරාය නගරයේ නවීනතම ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් චීනය විසින් ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර පවසා තිබේ.
සාම්පූර්ණයෙන්ම චීනය විසින් අරමුදල් සපයන මෙම නව පහසුකම, ප්‍රමාණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව අභිබවා යනු ඇතැයි පැවැසේ.
මෙම සම්මේලන මධ්‍යස්ථානය කොළඹ වරාය නගරය ගෝලීය සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරන අතර අන්තර්ජාතික වෙළඳාම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අපගේ කාර්යභාරය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ඉකුත් දා සිදු කළ සිය චීන සංචාරයේදී චීනය විසින් ශ්‍රී ලංකාවට ආපසු නොගෙවිය යුතු යුවාන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
මෙම අරමුදල් ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමට සහ රාජ්‍ය සේවා වැඩිදියුණු කිරීමට මෙම මුදල යොදා ගැනීමටරජය අපේක්ෂා කරන බව සඳහන්.
