Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොස් අතු කපන්න ගහට නැග්ග පාසල් සිසුවා අවසන් ගමන් යයි

2 years ago

අද(21) දහවල් කොස් අතු කපන්න ගහට නැග්ග පාසල් සිසුවා අධ්බැලැති විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හූරීගස්වැව පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ අ/මකුලෑව ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන වයි. ජී.චලක්ශන ඉදුසර විජේරත්න යන පාසල් සිසුවායි.
එම සිසුවා දරුවන් පස්දෙනකු සිටින පවුලේ වැඩිමහල් දරුවයි.

මෙම පාසල් සිසුවා මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපන්නට අද දින දහවල් ගොස් ඇති අතර කපන ලද කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක [වොට් 33000] දැවටීමෙන් විදුලිය සැරවැදී ගසෙන් බිමට ඇද වැටී ඇති බවට නිවැසියන් පවසයි.

අනතුරින් පසු මෙම දරුවා පෞද්ගලික වාහනයක තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කල බවට අසල්වැසියන් පවසයි.

අනතුර සිදුවූ දරුවා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

දේහය තඹුත්තේගම මූලික රෝහලේ තැම්පත්කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හූරීගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.