චාවකච්චේරිය පොලිස් වසමේ මූත්තියා වත්ත ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකු ළිඳකට දමා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඊයේ (21) චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ලේ සහිත රෙදි කැබලි කිහිපයක් ළිඳ ආසන්න නිවසක පිහිටි භූමියක වල දමා තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව එම නිවසෙහි සිටි මියගිය දරුවාගේ මව බවට සැකකරන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කයිතඩි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්.
චාවකච්චේරිය පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
