රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.
ඒ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති සාකච්ඡාවේදීයි.
පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළ ද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බව එහිදී සාකච්ඡා වී ඇති අතර එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදා ගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු මැදිහත් වන ආකාරය සහ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද මෙහිදී අවධානයට ලක්ව තිබේ.
මේ අතර වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබා දෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීම සහ එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම ගැනද සාකච්ඡා කර තිබේ.
