2024 දෙසැම්බර් 02 වන දින සිට මල්වාන ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ 26 හැවිරිදි තරුණයකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.
අතුරුදහන් වූ පුද්ගලයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලක් මත බියගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අතුරුදහන් වූ තරුණයා පිළිබඳ තොරතුරු ඇති මහජනතාවට 071-8591600 හෝ 0112-487574 යන දුරකථන අංක හරහා පොලිසිය අමතන්නැයි ඉල්ලා සිටී.


