අද(22) උදෑසන අරලගංවිල කැකුළුවෙල මහා විද්‍යාලයට සිය දරුවා සමග පැමිණි මවක් පාසල් භූමිය අතුගාමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.
අද මෙම වන අලි ප්‍රහාරයට ලක්වන විට පාසලේ දරු දැරියන් ද පාසල වෙත පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇයව අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කැකුළුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සිව්දරු මවකි.
ඇය උදෑසන පාසලට ගොස් මිදුල අතුගාමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇත.
අරලගංවිල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
