Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අණ නොතකා ධාවනය කළ කාර් රථයකට පොලීසිය වෙඩිතබයි

2 years ago

පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය වෙඩිතබා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ කාර් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කළද එම රථය නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

අදාළ වෑන් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද පැවසෙයි. 

සිද්ධිය ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.