මදුරන්කුලිය, කරිකට්ටිය ප්රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි ඇත්තේ සිව් දරු මවකි.
එහිදී අනතුරින් තුවාල ලැබූ ඇයව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටිය බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම කාන්තාව සහ තවත් පුද්ගලයෙකු ගමන් කළ යතුරු පැදියේ මාළු ප්රවාහනය කරනු ලබන කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයාද බරපතල තුවාල ලබා තිබේ.
මාළු ප්රවාහනය කල කැබ් රථ රියදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්රියාත්මකයි.
