අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 – 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
ඒ මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි
එහිදී විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, එම පතොරම් ගැබක් සහ ජීව පතොරොම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන මාගම්මන, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිවෙන්නේ එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මස්සිනාවයි. ඒ ආධාර අනුබල දීමේ චෝදනාව යටතේයි.
කහතුඩුව හා මොරගහහේන පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
