අද (26) දහවල් කන්දකැටිය පොලිස් වසමේ අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ වැටලිමක් සිදුකරමින් සිටියදි, බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකි.
පොලිස් කොස්තාපල් ජනක (78477) නැමැති අයෙකු මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
අද (26)දින පෙරවරුවේ , තුවාල ලත් මෙම නිලධාරියා ඇතුළු පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් විසින් අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ සිදු කරනු ලබන නිති විරෝධී මත්පැන් සොයා විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
එම මෙහෙයුම අතරතුර මෙම පොලිස් නිලධාරියා අනතුරට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
