පොලිස් ස්ථාන සඳහා නව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ආකාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව වසර තුනකට වැඩි කාලයක් පොලිස් ස්ථානවල සේවයේ නියුතු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් එම කාලය තුළ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු සොයාබලා ඔවුන් පිළිබඳ දත්ත විශ්ලේෂණ වාර්තාවක් සකස් කිරීමට පොලිසියේ අවධානය යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම පොලිස් මූලස්ථාන පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අලුතින් පත් කිරීමේදී චෝදනා එල්ල වූ පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
